හෙන professional විදියට ආයිබෝං එහෙම කියලා , යෝගියා වැඩ පටං ගත්තා ඕං එහෙනං.කාලෙක ඉඳලා බොලොගයක් ලියන්ඩ පෙරුම් පුර පුර හිටියට කොහෙන් පටන් ගන්ඩද කියල හිත හිත හිටිය මිසක් වැඩේ පටන් ගැනුනේ නෑ. ඔන්න ඔහෙ ඕන එකක් වෙන්න කියලා මේ සැරේ නං පටං ගත්තා. මේක කවුරැවත් බලයි ද මංදා. වැරදිලාවත් බැලුවොත් එහෙම කියලා කෝකටත් යෝගියා ගැන විස්තර ටිකක් කියන්නං.
මුලින්ම කියන්න ඕනේ යෝගී කියන්නේ මං නෙවෙයි ( මූ මොකාටද එන්ඩ හදන්නේ – බලමුකෝ කියවලා) . ඒ මං ලොකේ වැඩිපුරම ආදරේ කරන කීප දෙනාගෙන් එක්කෙනෙක්.මේකයි උනේ .මුල්ම බොලොගය හින්දා මං මොනව ලියයිද දන්නෑ නේ. වෙලාවකට ලියන්ඩ ගියාම බ්‍රේක් නෑ නේ.ඉතිං මගේ නම ගම එහෙම දාලා පත්තරේ දාලා Blog එකක් පටං අරං මොනව හරි බහු බූතයක් ලියල තිබ්බොත් මලා නේ.ඔන්න ඔහොම හිතලා මගේ සැපට දුකට පැදුරු කඩමාල්ල වගේ ඉන්න මිත්තරයෙක් – කවුරුත් නෙමේ , ඕගොල්ලංගේ සරදියෙල් මලයා - උපදෙස් දුන්නා මුලදි වෙනස් නමකිං පටං ගත්තොත් හොඳා කියලා. අනේ ඉතිං දෙයියනේ කියලා මාත් නමක් හෙව්වා. ජනවාරි ඉඳං පෙබරවාරි වෙනකං ම හෙව්වා තමා. නමක් හොයන්ඩ නන්දිකඩාල් කලපුවට විතරයි නොගියේ. කොහොම හරි ලෝකේ වටේ ම ගිහිං ගෙදර එනකොට අක්කගේ පොඩි බබා එක්කං ඇවිල්ලා ගෙදර.මිනිහා යෝගීත්. ඔන්න හම්බුනා නම.කොල්ලට ඔය නම දාමු කියන යෝජනාවත් මගේ ම තමා.ඉතිං මට දාගන්ඩ ඔයිට වඩා හොඳ නමක් තියෙනවද?
ඉතිං කිව්වේ මං ගැන නෙවෙයිනේ.Original යෝගියා ගැන නේ. මං ගැන කියනවානං මං දැනට Software Engineer කෙනෙක් විදියට IT Firm එකක දෙයියනේ කියල වැඩක් බලාගෙන ඉන්නවා. Microsoft ASP.NET – C# , SQL Server වගේම Web Designing , Development කියන්නේ මං වැඩියෙන්ම Move වෙන දේවල් තමා. කොහොම වෙතත් යෝගියා – ඒ කියන්නේ අළුත් යෝගියා – Designing ක්ෂේත්‍රයෙත් කරක් ගහලා තියෙනවා කාලයක්. මේ ටික කිව්වේ මං ගැන පොර Talk දෙන්න එහෙම නං නෙවී.දැනගන්නවනං මුල සිට සරළව දැනගන්න එපැයි. ඒකයි.
යෝගියා ට යාළුවෝ නං ගොඩක් නෑ.ටිකක් ඉන්නවා , ගොඩකට හරියන්න – ඒ හොඳටෝ ම ඇති.
ලස්සන දෙයක් දැකලා ඒ ගැන සතුටු වෙන්නත් , ලස්සන සිංදුවක් සංගීතයක් අහල ඒකෙන් හිත නිවාගන්නත් යෝගියා හරි කැමතී.ගෙදර සහ තමන්ගේ කියන අයත් එක්ක ගොඩක් ආදරෙන් ඉන්නත් , ඒ ආදරේ හැමදාම තියාගන්නත් තමයි යෝගියාගේ ප්‍රාර්ථනාව හැමදාමත්. හිතේ සංතෝසේ තියනවනං තව වෙන මොනවද ?
යෝගියාට ගොඩාක් ලොකූ හීනත් තියෙනවා.. මොකටද බොරු කියන්නේ. යෝගියා නං හිතන්නේ ලොකූ පාට පාට හීන තියෙන්න ඕනේ මිනිස්සුන්ට.එතකොට තමයි මිනිස්සු ඉස්සරහට යන්නේ.
යෝගියා සාමාන්‍යයෙන් කොහොමත් කාත් එක්කත් Argue කරන්න යනවා අඩුයි.වැරදිලාවත් තර්ක කරන්න අකමැති දේවල් 3ක් තියෙනවා ප්‍රතිපත්තියක් විදියට.දේශපාලනය ,ආගම , ජාතිය කියන දේවල් තමා ඒ.යොගියා දේශපාලනය කතා කරන්නේ ගෙදරදී තාත්තා එක්ක විතරයි – මොකද අපි දෙන්නම එක පක්ෂෙ නේ
ඉතිං විස්තරේ නං දිග වැඩී වගේ.ඒකනේ මුලින්ම කිව්වේ , ලොක්කට බ්‍රේක් නෑ කියලා.මේක ලියන්ඩ ගත්තහම තමා මාත් හරියට මං ගැන කල්පනා කලේ.යකෝ පොතක් ලියන්ඩ බැරියැ යොගියා ගැන- විහිළුවක් හොඳේ :)
කොහොම හරි යෝගියා කුළුඳුල් ලිපිය ලිව්වා ඕං.
- ජය
සවිත්‍රි said,
පෙබරවාරි 5, 2010 at 12:01 පෙ.ව.
යෝගියාට ජයෙන් ජය!
තවත් ලිපි ලියන්න ඉක්මනින් ඉඩක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඕං………..
යෝගී said,
පෙබරවාරි 5, 2010 at 12:43 පෙ.ව.
ගොඩාක් ස්තුති නංගී.යෝගියට හම්බඋන ඉස්සෙල්ලම Comment එක ඔයාගෙන්.
පිස්සා said,
පෙබරවාරි 5, 2010 at 1:59 පෙ.ව.
ඈහ්… යෝගියාට ඉස්සෙල්ලාම කමෙන්ට් එක ගෑනු පරානයකින්ද? මට ඉරිසියයි බොලං..
මේ නංගී… අපිත් බොලොග්ග ලියන අහිංසක උදවිය….
අයියෝ, අපි ගැන කවුරු බලන්නද අප්පා!!!
සරදියල් said,
පෙබරවාරි 5, 2010 at 12:15 පෙ.ව.
හෆ්ෆට හුඩු.. මෙයත් ඇවිල්ලනේ… එල එල. හැබැයි දැන් මම් කට්ටියට නයි යවනව බොරු ඉතින්
යෝගී said,
පෙබරවාරි 5, 2010 at 12:47 පෙ.ව.
ඔන්න මලයා , ඉතිං අපිත් ආවා. උඹට පැදුරැ කඩමල්ලක් කිවුවට තරහා ගන්ට එපා.comment එකට තුති
රොයිලි ප්‍රනාන්දු said,
පෙබරවාරි 5, 2010 at 12:30 පෙ.ව.
අහ් තවත් සරදියෙල් ගොයියගෙ මඟ පෙන්වීමක්. හැබැයි යෝගියෝ සරදියෙල් වගේ මාසෙට පෝයට නැතිව දිගටම ලිව්වනම් තමා හොඳ. එල එල ජය වේවා.!!!
යෝගී said,
පෙබරවාරි 5, 2010 at 12:50 පෙ.ව.
රොයිලි ! නම නං අහල තිබුනා. අදනේ කතා කළේ. මෙහෙම courage එකක් දෙනවට ස්තුති.
පිස්සා said,
පෙබරවාරි 5, 2010 at 1:48 පෙ.ව.
හලෝ යෝගියෝ, උඹ මෙහෙම බොලොග්ග ලියන්න ගියාම අපිට මක්කයි වෙන්නේ..
හෙ හේ…
ඔයා ගැන, මට කිව්වේ අපේ රෝයියා….
හොදට ලියන්නකෝ….
ඔන්න මගෙන් සුබ පැතුම්!!!
යෝගී said,
පෙබරවාරි 5, 2010 at 1:53 පෙ.ව.
මචං පිස්සා – උඹේ බොලොග post ගොඩක් කියවල තියෙනවා මං. ළඟදි කතන්දර කාරයෙකුත් වෙලා ය කියල ආරංචී. සහයෝගයට බොහෝම තුති
anthr6x said,
පෙබරවාරි 5, 2010 at 2:00 පෙ.ව.
බ්ලොග් කෙලියට ‘වල්කං’ කියල පිලිගන්නව…
යෝගී said,
පෙබරවාරි 5, 2010 at 2:06 පෙ.ව.
anthr6x බුවා ගැනත් ගොඩක් අහල තියෙනවා. මේ අපේ සරදියෙල් මලයා පරිපූර්ණ විස්තරයක් දුන්නා මට මදි නොකියන්ට . උඹ රෑට කන්නේ මොනවද කියලත් මං දන්නවා දැං
. comment එකට තුති!
sajithdilshan said,
පෙබරවාරි 15, 2010 at 3:27 ප.ව.
ඔන්න මගෙනුත් සුභ පැතුම්… දිගටම ලියන්න
nimanthi said,
පෙබරවාරි 16, 2010 at 5:58 ප.ව.
මගෙනුත් සුභ පැතුම්…!!!!! දිගටම ලියන්න
දුකා said,
පෙබරවාරි 24, 2010 at 12:52 ප.ව.
liyapan liyapan . . .api dan itin digatama meka balanawaa .. . .ah hitapan ube tata gana post ekata mama FB eken podi ad parak denanm . . .. jaya wewaa . ..
යෝගී said,
පෙබරවාරි 24, 2010 at 1:07 ප.ව.
මචං දුකා ,
.ජීවිතේ කවදාවත් දැකලා නැති , කරන්නේ මොනවද , ඉන්නේ කොහෙද කියලා දන්නෙ නැති කෙනෙක්ගේ post එකක් කියවලා උගේ මොරාල් එඑකට පොඩි touch එකක් දාලා යන මිනිස්සු දැක්කාම හිතට එන්නේ ඇත්තටම මාර හයියක්.
හිතට මාර හයියක් එනවා මචං . කොයිතරං වැඩ තිබුනත් සති දෙකකට එකක් වෙච්ච blog post එක සතියකට එකක් කරන්න තරං හිතෙනවා
ස්තුතී සහෝ
දුකා.. said,
පෙබරවාරි 24, 2010 at 4:51 ප.ව.
ඔන්න ඔය හේතුවම තමයි කොල්ලෝ මාත් මේ බ්ලොග් අවකාශේ මෙච්චර කාලයක් රැඳිලා ඉන්න එකම හේතුවත්.
කෙනෙක් ලියන දේ විවේචනය කිරීම හෝ අගය කිරීම ඒ ලියන කෙනාට ලබා දෙන්නේ මාර කික් එකක්.
ලියන්න ගත්තාම අපිටම හිතා ගන්න බෑ අපි කොහේද යන්නේ කියලා ඒත් කාලයක් ගිහින් අපිට පුලුවන් වෙයි අපේ අත්දැකීම් වලින් තව කෙනෙකුට ජීවිතයට යමක් ගන්න පුලුවන් වෙන විදිහේ දේයක් මේ බ්ලොග් තුලින් දෙන්න.
උඹට ජය
තරිඳු said,
පෙබරවාරි 28, 2010 at 10:39 පෙ.ව.
දැන් ඇවිල්ලත් ටික කාලයක් උනාට මම දැක්කෙ දැන්නෙ…
කමක් නෑ පරක්කුවෙලා හරි ආයිබෝං කියල පිලිගන්නවා.
nimanthi said,
මාර්තු 4, 2010 at 7:43 ප.ව.
iilaga awuruddeda aya liyanna hithagena inne..??????
යෝගී said,
මාර්තු 4, 2010 at 8:03 ප.ව.
හී හී.. ස්තුතී යෝගියා බලන්න ගොඩවෙලා යන්න ආවට.පහුගිය දවස්වල දිවා රාත්‍රී තරඟයක්නේ තිබුනේ අපේ office එකේ.
හුස්ම ගන්ඩත් කවුරැ හරි මතක් කරනවා සැරින් සැරේ.නැත්තං මළා තමා. ඒකත් අමතකයි.
ලිව්වත් නැතත් යෝගියා එනවා හැමදාම ඕගොල්ලො බලල යන්න නං කොහොම හරි.
ඉක්මනට ලියමු ඊළඟ ලිපිය ..
nimanthi said,
මාර්තු 5, 2010 at 10:25 ප.ව.
හපොයි..එහෙනම් නොලිව්වට කමක් නැහැ.මතක ඇතුව ඔක්සිජන් සිලින්ඩරයක් අරන් යන්න ඔහොම වැඩ දවසට.