ඉතිං ඒකාලේ තාත්තා ඇවිල්ලා දහසක් දේවල් කියලා යෝගියව ඇහැරවනවා. කවදාවත් දැං වෙලාව ගිහිං කියලා කෑගහල නෑ.ඒ වගේම යෝගියා සපත්තු දෙක අතේ අරං වෑන් එකට දුවපු දවසුත් තියෙනවා.ආයෙ මොකටද . 7 වසර පහු වෙනකං ම යෝගියාව වඩාගෙන තමා තාත්තා කුස්සියට එක්ක යන්නේ. උදේ සීතල නිසා යෝගියා ව කෙළින් ම ගිහිං ලිප ළඟින් තමයි Land කරන්නේ.
ඉතිං දැං යෝගියා විවාහ වෙලා අවුරුද්දක් උනත් තාම කන බත්කට මුලින්ම පුතාලා , දුවලා හැම දෙනාටම කවලා තමයි තාත්තයි අම්මයි කන්නේ.ඒ ආදරේ තමා යෝගියා අද ඉන්න තරං දුරක් එක්කරං ආවේ. ( අපේ හාමිනේටත් ඕකෙං credit ටිකක් යනව හොඳද? – නැත්තං අද රෑට කඩෙං තමා කෑම )
පොඩි කාලේ ඉඳං යෝගියා තාත්තව දැක්කේ යෝධයෙක් වගේ. විශ්ව විද්‍යාල උපාධියක් නොතිබුනත් සාහිත්‍යය , සංගීතය වගේ දේවල ඉඳලා දේශපාලනය , ඉතිහාසය වගේ බොහෝ පුළුල් විෂය පරාසයක විහිදුනු දැනුමක් තාත්තා ළඟ තිබුනා. පොඩි කාලෙදී ගෙදර රාක්කයක් ම පුරවලා තිබුන වටිනා සාහිත්‍ය පොත් සියල්ලම වගේ තාත්තා එකතු කරපුවා.
ඉතිං 2004 අවුරුද්දේ අද වගේම දවසක යෝගියාත් අම්මාත් නංගීත් යෝගියාගේ ගෑනු ළමයත් එකතුවෙලා තාත්තාට පොඩි තෑග්ගක් දුන්නා.ඒකාලේ යෝගියාට මාර කෝඩේ. දන්නවනේ ඉතිං. කොහොම හරි තෑග්ග ගන්ඩ මූල්‍යමය දායකත්වය දැරුවේ අර කලිං නම් ලිස්ට් එකේ අන්තිමට හිටපු එක්කෙනා.තාත්තට ගැලපෙන තෑග්ගක් තෝරලා තෝරලා අන්තිමට හම්බවුනා හොඳම තෑග්ගක්.
ඒ තමා මහ පිරිත් පොත. ලස්සනට ඔතලා තෑග්ග දෙන්ඩ කලින් මොනවහරි ලියලා දෙමු කියලා නංගි යෝජනා කලා. ඉතාම හදිස්සියෙන් රටකජු ගෙනාපු කවරයක පිටිපස්සේ යෝගියා පුංචි කාලේ ඉඳලා දැකපු තාත්තව අකුරු වලින් සිත්තම් කළා.කබඩ් එකේ තිබිලා හොයාගත්තු මහ පිරිත් පොතෙන් ආපහු අහුලගත්තු ඒ අකුරු සිත්තම තමයි මේ.
චන්ඩ රැළ ,සැඩ සුළඟ
අඳුරු වැසි මීදුමේ
හිරැ එළිය ලෙස නැඟෙන
පහන් ටැඹ නුඹ අපට …
ගති සිරිත් , බෝ විසල්
දැනුම සිසිලෙන් පෙඟුන
සුභාෂිත සැළලිහිණි
කවි උනේ නුඹ අපට …
මඟ අතුළ කටු පඳුරු
සතුරු උවදුරු අතර
බල පවුරු මුර යොදන
සෙනවිඳුන් නුඹ අපට …
සිල් සුවඳ පතුරලා
බුදු කුටිය සේ ගෙදර
මහ පිරිත් පොත වගෙයි
තාත්තේ නුඹ අපට …
ඒක දැකලා තාත්තාගේ ඇස් දෙකට කඳුළක් ඉනුවද කියලනං යෝගියා දැක්කේ නෑ.ඒත් පුංචි කාලෙදි වගේම නංගිවයි යෝගියවයි අත්දෙකින් තුරුළුකරං ගොඩක් වෙලා හිටියා කියල විතරක් යෝගියට මතකයි.
ඉතිං , ආදරණීය තාත්තේ ඔබට සුබම සුබ උපන් දිනයක්.
– ජය
දසයා said,
පෙබරවාරි 15, 2010 at 2:53 ප.ව.
අපි හැමොගෙම සිත් තුල සදා වීරයන් වී වැජඹෙන තාත්තලාගේ පරපුරේ තවත් යෝධයෙකු වූ පියාණනි… පතන්නම් අපින් නුඹට සුභම සුභ උපන් දිනයක්…
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 3:15 ප.ව.
ස්තුතියි දසයෝ..
sajithdilshan said,
පෙබරවාරි 15, 2010 at 3:28 ප.ව.
යෝගියාගේ තාත්තට සුභම සුභ උපන් දිනයක් වේවා!!!
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 8:48 ප.ව.
ස්තුතියි සහෝ…
shani00 said,
පෙබරවාරි 15, 2010 at 3:58 ප.ව.
යොගියාගෙ තාත්තට අපිත් සුබ උපන් දිනයක් පතනවා!!!!!!
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 8:57 ප.ව.
අන්තර්ජාලයේ එහේ මෙහේ ඇවිදින ගමං , කොල්ලෙකුගේ චිත්ත ධෛර්‍ය්‍ය වෙනුවෙන් කොමෙන්ටුව්ක් දාන්න මොහොතක් නතර වුන එකට ඔබටත් අනිත් හැමෝටම බොහොම තුති !
රොයිලි ප්‍රනාන්දු said,
පෙබරවාරි 15, 2010 at 7:16 ප.ව.
අපිත් ඔන්න සුබ පැතුවෝ…..
ඒක නෙවෙයි දැනුත් උදේට කෙලින්ම ලිප ගාවද ලෑන්ඩ් කරන්නේ?
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 9:05 ප.ව.
ඔන්න ඔන්න ඉතිං. කොල්ල කිසිම අනුකම්පාවක් නැති දරුණු ප්‍රශ්ණයක් නේ ඇහුවේ.
ඇත්තම කියන්ඩද කියල හිතාගන්ඩ බෑ…
කොහොමිං හරි comment එකට තුති!
සරදියල් said,
පෙබරවාරි 15, 2010 at 10:24 ප.ව.
තාම සේම තමා එකම වෙනසකට තියෙන්නෙ දැන් ලෑන්ඩ් කොරන්නේ ගෑස් ලිපට..
Kathandara said,
පෙබරවාරි 15, 2010 at 7:44 ප.ව.
හොඳයි කතාව. තාත්ත ලා බුදුවේවා!
කකා
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 9:08 ප.ව.
ඔව්. මාත් එහෙමම පතනවා!..
ස්තුතී සහෝ…
සිතූ said,
පෙබරවාරි 15, 2010 at 8:14 ප.ව.
යෝගියාගෙ තාත්තාට සිතූගෙනුත් සුභ උපන්දිනයක්…!!
ඇත්තම ඇත්ත.. තාත්තලා යෝධයෝ තමයි..
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 9:10 ප.ව.
ස්තුතී සිතූ.. ලොකු හයියක් …
මම දන්නේ නෑ said,
පෙබරවාරි 15, 2010 at 8:51 ප.ව.
මාත් සුභ උපන්දිනයක් පතනවා….
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 9:14 ප.ව.
කොහොම ද අමතන්නේ කියල හිතුවේ. මම දන්නේ නෑ කියල කියන්න ද?.
කොහොම උනත් බොහොම ස්තුතී කොමෙන්ටුවට…
සරදියල් said,
පෙබරවාරි 15, 2010 at 10:22 ප.ව.
ඕනන මං ගානෙත් පියානන්ට හැපි බ්‍ර්ත් ඩේ කිව්වා…
යෝගී said,
පෙබරවාරි 15, 2010 at 10:27 ප.ව.
උඹටත් එසේම වේවා!. මේ ලොක්කා – උඹත් අපේ තාත්තගේ වසසට ආසන්න වශයෙන් සමානයි නේ .බණක් දහමක් කරා යොමුවුනොත් නේද හොඳ..
කොමෙන්ටුවට තුති ! ( වයස හෙළි කිරීම සම්බන්ධයෙන් සමාව දෙනවා නේ )
anthr6x said,
පෙබරවාරි 16, 2010 at 12:45 පෙ.ව.
‘නැඟිටීම පිළිබඳව නං යෝගියා හැමදාම හිටියේ විපක්ෂ කණ්ඩායමේ’
මාත් ඒකෙනෙ
යෝගී said,
පෙබරවාරි 16, 2010 at 12:53 පෙ.ව.
හී හී. ඒකනේ කියන්නේ . එකම වගේ (හොඳ) ගතිගුණ තියෙන අය එකට සෙට් වෙනව කියන්නේ … ඔය විපක්ෂ කණ්ඩායමේ සභාපති තමා අපේ සරදියෙල් මලයා. බුවා අද රෑ 11 වෙනකං හිටියනං හෙට දවල් 12 පසුවී මිනිත්තු 54 කට පස්සේ තමා නැගිටින්නේ. අපරාදේ කියන්ඩ බෑ … වෙලාවට බුලට් එක වගේ ඇහැරෙනවා…
-කොමෙන්ටුවට තුති සහෝ..
සරදියල් said,
පෙබරවාරි 16, 2010 at 1:00 පෙ.ව.
මේ අහිංසක මාව අල්ලන්න එපා අයියෝ.
මම් මේ පාඩුවෙ කාට හරි වලක් කාරියෙ කාපගෙන ඉන්න එකා,
hansi said,
පෙබරවාරි 16, 2010 at 10:57 පෙ.ව.
සුභ උපන්දිනයක් වේවා ආදරණීය තාත්තේ……………..
යෝගී said,
පෙබරවාරි 16, 2010 at 11:08 පෙ.ව.
මං උඹලගේ මේ සුබ පැතුම් ඔක්කෙම අරං ගිහිං තාත්තට දෙන්නම්-මේ සති අන්තයේදී ආපහු ගෙදර ගියාම .
බොහොම ස්තුති හංසිටත්..
nimanthi said,
පෙබරවාරි 16, 2010 at 5:55 ප.ව.
හොඳ කට්ටියක් එකතුවෙලා ඉන්නෙ. ඔය වෙලා ගිහින් ඇහැරෙන සංගමේ කෙනෙක් මෙහෙත් ඉන්නව මම මේ පෝස්ට් එක එයාටත් පෙන්නුවා
තාත්තට සුභ උපන් දිනයක්..!!!!!!
යෝගී said,
පෙබරවාරි 16, 2010 at 7:04 ප.ව.
ඒකනං මොකට කියනවද .ඒක නෙවි. අපේ මේ සංගමයට ඕනම කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවං. ලියාපදිංචි ගාස්තු නෑ. සාමාජික ගාස්තු නෑ. විශේෂ ගාස්තු නෑ. ටිකක් උදේ වෙනකං නිදාගන්නයි තියෙන්නේ…
අනේ ඉතිං එහෙම කිව්වට අපි එහෙම ම නෑ.හැමදාම පාන්දර වෙනකං වැඩකරලා උදේ පොඩ්ඩක් පරක්කු වෙන එක මූලික මිනිස් අයිතිවාසිකමක් නේ
ස්තුතී නගා…
Malee_msg said,
පෙබරවාරි 16, 2010 at 9:33 ප.ව.
උපරිමයි සහෝ..!!
යෝගී said,
පෙබරවාරි 16, 2010 at 9:43 ප.ව.
ලොකු ශක්තියක් මලී…
ස්තුතී
සරදියල් said,
පෙබරවාරි 16, 2010 at 10:43 ප.ව.
යකෝ අර පලවෙනි ලිපියෙ පිස්සා කියපු කතාව ඇත්තනේ
යෝගී said,
පෙබරවාරි 16, 2010 at 10:54 ප.ව.
ඒ මොකද්ද මලයා ඒ. උඹ ආයෙ මේකට උත්තර දෙනවනං , අර Unapprove කියන button එක තියෙන තැනත් කියල ම එවපං..
හි හී..
නෑ. නෑ. අපි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිනවා. බය වෙන්ට එපා.
සවිත්‍රි said,
පෙබරවාරි 20, 2010 at 6:23 පෙ.ව.
හරිම සංවේදී ආදරණීය ලිපියක්. අක්කාගෙන් අහන්න ඕනේ අර ලිපේ කථාව තාමත් එහෙම්මමද කියලා.
තාත්තාට කියන්න දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කියලා. අකුරු සිත්තම් වලින් හිත් නුවන් සනහන්න, තවත් ලියන්න.
යෝගී said,
පෙබරවාරි 20, 2010 at 10:26 පෙ.ව.
අනිත් හැමදේම වගේ – මට මඩ ගැසීම හැර – ඔයාගේ comment එකත් ලොකු හයියක් . බොහොම ස්තුතී නංගී.
දුකා said,
පෙබරවාරි 24, 2010 at 12:34 ප.ව.
මචං, උබ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාපු එකෙන් තමයි මම මේ බ්ලොග් එක දැක්කේ.
මේ ලිපිය මාව ඇඬෙව්වා මචං. සිරාවටම. හරිම සංවේදීයි. විශ්වාසකරපන් කෙලින් වුනු ඇඟේ මයිල් විනාඩි පහක් විතර යනකම්ම එහෙම්මම තිබුනා. මම ත් දවසක් තාත්තලා ගැන ලිපියක් ලිව්වා මචං. වෙලාවක් තිබුනොත් ඒකත් බලපන්.
මමත් දැන් තාත්තා කෙනෙක් නිසා ගොඩක් කල් ඉඳන් හිතන් ඉන්නවා තාත්තලා ගැන තව ලිපියක් ලියන්න ඕන කියලා. ස්තූතියි උඹට මගේ ඒ වැඩේ ඉක්මන් කරන්න උත්තේජනය සැපයුවාට.
දුකා said,
පෙබරවාරි 24, 2010 at 12:36 ප.ව.
උඹේ තාත්තගේ උපන්දිනේ පහුවෙලා ගොඩක් දවස් නිසා තාත්තට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන්නම් කියල කියන්නම් . ..
යෝගී said,
පෙබරවාරි 24, 2010 at 12:46 ප.ව.
ස්තුති දුකා. ලොකු ශක්තියක් මචං.
තාත්තලා එහෙම තමා. උඹත් දැන් තාත්තා කෙනෙක් නිසා , මේ උපහාරය උඹටත් එක්කමයි. මං උඹේ සුබපැතුමත් තාත්තට හිහිං දෙන්නං.
දුකා.. said,
පෙබරවාරි 24, 2010 at 4:55 ප.ව.
ela
srisenadheera said,
පෙබරවාරි 25, 2010 at 12:33 ප.ව.
මටත් හිතෙන්නේ හැමෝගේම ලෝකවල යෝධයා වෙන්නේ තාත්තලා තමයි……….
යෝගී said,
පෙබරවාරි 27, 2010 at 12:41 පෙ.ව.
ඒක එහෙම තමයි. අපි පුංචි කාලේ අපේ ලෝකවල යෝධයෝ වෙන්නේ බොහෝ වෙලාවට තාත්තලා. ඒත් කාලයත් එක්ක අපි මෝරලා උස් මහත් වෙනකොට , යමක් කමක් තේරෙන්න ගන්නකොට තමා දැනෙන්නේ තාත්තලා යෝධයෝ විතරක් නෙවී , අපිව ඒ තැනට වෙනකං ගෙනෙන්න ලොකු සටනක් කරපු මහා වීරයෝ කියලා.
ස්තුතී ශ්‍රියා ඔබේ කොමෙන්ටුවට !
රවා said,
පෙබරවාරි 27, 2010 at 8:25 ප.ව.
මමත් පතනවා ඔයාගෙ තාත්තා බුදු වෙවා කියලා…. පුංචි කාලෙ අපෙ හිතෙ ඉන්න විරයා ඇත්තටම තාත්තා තමයි නෙද… ලොකු වෙද්දි එක සමහරු න්ගෙ වෙනස් වෙනවා.. සමහරුන්ගෙ එහෙම්මම තියනවා…
යෝගී said,
පෙබරවාරි 28, 2010 at 1:48 පෙ.ව.
ඔව් රවා..මාත් එහෙමම පතනවා.උඹ කියපු දෙවෙනි ගොඩට වැටෙන්න තරං මං වාසනාවන්ත උනා.බොහොම ස්තුතී comment එකට.
තරිඳු said,
පෙබරවාරි 28, 2010 at 10:35 පෙ.ව.
අනේ මට මේක කොහොම මග ඇරුනද දන්නෙ නෑ.
තාත්තට කෙසේ වෙතත් මගේ ඇහැට නම් කඳුලක් ආව.
යෝගී said,
මාර්තු 1, 2010 at 10:48 ප.ව.
මග ඇරෙන්න ඇති. තාම වැඩි දවසක් නෑනේ පටං අරං.
ලොකු ශක්තියක් ඔබේ comment එකත්.
ස්තුතී සහෝ.
බිඟුවා..! said,
මාර්තු 3, 2010 at 7:00 පෙ.ව.
අයියෝ මම අදනේ දැක්කේ.
හොඳටම පරක්කුයි.
ඊළඟ පාරවත් බලමුකෝ එහෙනම්
/බිඟුවා…!
යෝගී said,
මාර්තු 3, 2010 at 8:52 පෙ.ව.
ස්තුතී බ්ඟුවා, පරක්කු වෙලා හරි ආපු එක කොච්චර දෙයක්ද ?
වැප් said,
අප්‍රේල් 18, 2010 at 9:26 පෙ.ව.
හොද වැඩක් කරලා තියනවා …………
[මෙන්න මං දෙවෙනි ලිපියත් කියෙව්වා]
යෝගී said,
අප්‍රේල් 18, 2010 at 9:47 පෙ.ව.
ස්තුතී සහෝ !…
එන්න එන්න . යෝගියා සාදරයෙන් පිළිගන්නවා ඔබව