යෝගියට ලියන්න වුනු මලී ගේ ලියුම…

යෝගියා ඉතිං ලිව්ව ලියුමක් ...

යෝගියා බොහොම උනන්දුවෙන් පාසල් ගිය එකෙක් නෙමේ නේ කවදාවත්.
ඒ දවස්වල දෙකට පාසල ඇරිලා ගෙදර ආවොත් තුනහමාරවත් වෙනවා. හැබැයි ඉතිං ‍යාළුවොනං කියන්නේ යෝගියා දෙකට පාසල් ඇරිලා ගෙදර ගියොත් අම්මා , තාත්තටත් call කරලා ගමේ මිනිස්සුන්ටත් කියලා , හදිසි අවස්ථාවත් ප්‍රකාශයට පත්කරලා යෝගියව හොයන්ඩ පටං අරං කියලා මොකවත් කරදරයක් ද බලන්ඩ. මොකද හැමදාම උදේ පන්තියේ Register එක ලකුණු කරනකං ඉඳලා 10.00 වෙනකොට යෝගියා මාරු.  ( කොහොමද කියලනං අහන්ඩ එපා.ඇහුවට දැං වැඩක් නෑ .. ඉස්කෝ‍ලේ ව‍ටේ තාප්පේ ආපහු උස්සලා අඩි 12කටත් වැඩී වගේ ). තුනහමාර කියන්නේ පැය පහක් විතර ප්‍රමාදයි .

හැබැයි උසස් පෙළ ලංවෙච්චි කාලේ නං යෝගියා හුඟක් මහන්සිවෙලා පාඩං කළා.තනියෙං නං නෙමේ.යාළු මිත්තරයො රොත්තයි ගෙදර.බහු බුද්ධී විනාසාය ද මොකද්ද කියනවනේ.. චතුර , වරුණ , අංජු , බුද්ධික, නිශාන්ත .. සාක්කුවත් එනව ඉඳල හිටලා …

අම්මා හැමදාම උයනව දහයකට විතර. ගෙදර නිකං දානේ ගෙයක් වගේ. හැබැයි ඉතිං යාළුවොත් තමංගෙ ගෙදර වගේ හැමදේම බලාකියාගෙන හිටියා. හරිම සුන්දර කාලයක්..  ජීවිතේ ‍බලාපොරොත්තු වලින් පිරිච්ච ඒත් වගකීම් ගොඩක් හිතේ නැති , ‍කොහොම හරි පේරා ගිහිං ඉංජිනේරුවෙක් වෙන එක විතරක් හිතේ තිබුන හරිම සුන්දර කාලයක්.(ඒ බලාපොරොත්තුවනං ඉතිං සුං වෙලා ගියා – අපි ෂැලෙයිද අයියා ඕවට  😛  )
ඒ කාලේ ගැන වෙනම සටහනක් ලියන්නං. අද කියන්ඩ යන්නේ ඒක ගැන නෙමේ.

මේ පාඩං කරන කාලේ ඔය කලිං කියපු අංජුවා ගේ අයියා කෙනෙක් හිටියා පේරාදෙණියේ ඉංජිනියරිං ‍ෆැකල්ටි එකේ.ආදරේට කවුරුත් කිව්වේ ඌට අප්පච්චි කියලා.පාරෙ යන ගමං “මේ මචං, අප්පච්චි මේක පොඩ්ඩක් බලහංකෝ බං” කිව්වම වටේ පිටේ පොරවල් මූන ලන්ත්‍රාස් කරගෙන බලනව කව්ද බොල ‍අප්පච්චිට අඩෝ කියන පුතයා කියලා. මිනිහා ඉතිං හුදී ජන හිතසුව පිණිස හැම සෙනසුරාදම ඇවිත් අපිට Maths කියල දෙනවා – පිනට.

කොහොම හරි මිනිහ හැමදාම නුවර ඉඳං ඇවිල්ලා ගම්පහ Railway Station එකෙං බැහැලා යෝගියට call එකක් දෙනවා. ඉතිං පහසුකම් සලසන්නා වශයෙන් ඒ කාලේ යෝගියට තිබුනු පරණ Mate කට්ට පැදගෙන යෝගියා යනව මේකව කුදලං එන්ට.-වැරදුනා, කැන්දං එන්ට.
ඉතිං දවසද්දා මේකා පුරුදු පරිදි ගම්පහට ඇවිල්ලා යෝගියට call එකක් දීලා.මුගේ කරුමෙට ද මගේ කරුමෙටද නැත්තං අපේ තාත්ත‍ගේ කරුමෙටද දන්නෑ ඒක අපිට ඇහුන් නෑ.තුං හතරවෙනි පාර ඔන්න ට්‍රයි කරල කොහොම හරි ගත්ත කියමුකෝ.
Answer කලේ යෝගියා නෙමේ තාත්තා.

මූ ගත්තු ගමං කියපි , “ඈ බොල බල්ලෝ(සමාවෙන්න – ඒක තමා ඇත්තම වචනේ ඌ පාවිච්චි කරපු ).. උඹ මැරිලද ‍‍යකෝ හිටියේ.Phone එක වදිනව ඇහුන් නැද්ද කියලා ” කියලා. මළා නේද ? තාත්තා ඉතිං යෝගියගේ ම තාත්ත නේ. ගානක් නැතුව අහපි “ඇයි මචං මොකද වුනේ කියලා”. සින්ඩියට පොඩි ළමයිත් එන හින්දා මිනිහා අපේ තාත්තට දීපු පිළිතුර මේකේ මං දාන්නේ නෑ.
ඊළඟට මූ කියනවා , “මාව එක්කං යන්ඩ වරෙං . මං රේල් ගේට්ටුව ළඟ ඉන්නවා” කියලා. තාත්තටත් නිකං කට තියාගෙන ඉන්ඩ බෑනේ , එකක් අහගත්ත මදිවෙලා. අහනවා “මොකද්ද බං ඒ ගේට්ටුව ” කියලා. අරූ මොනවද සංස්කෘත ශ්ලෝක වගයක් කිව්ව අර ඩැනී බීපුවාම කියන ජාතියෙනුත් කලවමට දාලා. පස්සේ කියනව “අර කෝච්චිය යනකොට වහන ‍තඩි පොල්ල යකෝ ” කියලා.

මං මිනිහව ගෙදරට එක්කං එනකං කිව්වේ නෑ කතාකළේ මං නෙමේ කියලා.ඉතිරිය හිතාගන්‍ටකෝ. දැං විනාඩියකට කලිං තමං පරම්පරාව ම අමතලා බැනපු යාළුවගේ තාත්ත ඉස්සරහ හිටං ඉන්න මෝඩ මූනක් දාගත්තු ,ලොකු කන්නාඩි දාපු එකෙක් ..

මිනිහා දවසක් අපේ ලයිට් බිල ගේන මනුස්සයා දැකලා කිව්වා මචං බලපං කෝ. මට කවදාවත් කැම්පස් එකට ලියුමක් එන්නෑ නේ කියලා.
පව්නේ . කාගෙ වුනත් දරුවෙක් නේ . යෝගියා ගේ හිත උනුවෙලා ගියා නිකං අර දවසක් උණුකර නිවාගත් ජලය පානය කරන්න කියලා ලිපේ තියපු ප්ලාස්ටික් කෝප්පේ වගේ…
ඉතිං යෝගියා ලිව්ව ලියුමක්. හෝ ගාලා. ලියලා තැපැල් කළා අප්පච්චිගේ කැම්පස් ජීවිතේ ලැබුන පළමු හා අවසාන ලිපිය.
කියෝල ම බලන්ටකෝ…

2001.03.25

හිතවත් දීපාල් අයියා වෙත ආදරයෙන් ලියමි,

ඉතිං අයියේ , ඔයාගේ තොරතුරු කොහොමද ? එදා ඔයා අපේගෙදර ආපු දොහේ ඉඳං අපේ අප්පුච්චා මයෙත් එක්ක වැඩි මනාපයක් නෑ වාගේ මයෙ හිතේ.මූන දීලා කතාකොරන්නෙත් නෑ.මටනං ඔව්වයේ උලව්වක් නෑ ඉතිං. මයේ මොකොද? ඒ උනත් ඔයා ආයෙත් වතාවක් අපේ දිහා එන්ට හොඳ ද ?හැබැයි එදා වගේ කොස් දෙල් වැල මළු කද බැඳං එන්ට ඕන්නෑ. අපේ මුත්තම්ම ට නං ඔයැයි ව හොඳට හිතට අල්ල ලා ගෙහුං වාගේ. ඇස් හතරක් ඉතර තිඋනට අගේ ඇති කොලු පරානයක් කියලා අපේ අම්මණ්ඩි ( උන්දැගේ දුව ) එක්ක කියලා තියෙනවා.

අප්පුච්චාට ඔයා තව ටික දොහකිං ඉංජිනේරුවෙක් වෙනවා කියපුහාම උන්දැ අහපි ඒ මොකාද බොල ඒ කියලා.මං කිඋවා ලොකු ලොකු පාලං එහෙම හදන්නේ ඔය වගේ උන්නැහැල තමයි කියලා. ඒ විඩේ අප්පුච්චා කියනවා ඒ හුට්ටප්පරයා ට පාලමක් තියා වැටකඩුල්ලක් වත් බැඳගන්ට ඇහැක් ද කියලා.

අර වෙලේ මාමලයේ ලොකු කොලුවා අඹං ග‍‍ඟේ පාලම හදද්දී ගෙහුං අත්වැඩ දුන්නෙ , උඹේ බකමූනු පැටියට වඩා ඌ කොච්චර පාලං හදල ඇද්ද කියලා උන්දැ කිඋවා. පහල ඇලේ ඒ දණ්ඩත් කැඩිලා තිබිලා පොල් ලී කොටං දාලා හැදුවේ ඌ නේ , තොට ඕන්නං ඌව බැඳගං කියලා .ඒකා ඔයාට වැඩිය පෙනුමයි තමයි. ඒ උනාට ඒකගෙ මහ සෙප්පඩ විගඩං වැඩී කියලා ගමේ ගැටිස්සියො ඌව මායිං කොරන්නෑ.

කොහොමිං කොහොමිං හරි රෑ බෝ වෙලා. අර අපේ වත්තේ බැ ඳලා හිටිය නාකි එළදෙන මඩුවෙ බඳින්ඩ වෙලාවත් හරි. අපේ අම්මා කිව්වා උඹ ඒ කොල්ල එක්ක පැනල යන්ඩ එහෙම එපා , අපේ මූනෙ දැලි ගෑවෙයි කියලා. මම අප්පුච්චව කැමති කොර ගන්නං , අර නාකි එළදෙන මැරෙන්ඩ කලිං ඒකිව දෑවැද්දට දීලා උඹව පිටත් කොරඤ්ඤං කියලා.
ඔය අපේ අම්මත් අලි දෙඤ්ඤං කොටි දෙඤ්ඤං කිය කියා නෙව හැමදාම ඉන්නේ. ඒ නිසා ඔයාට අර නාකි වැස්සිව වත් හම්බුවෙයි ද දන්නෑ. ඒත් කමක් නෑ කියලා ඔයා කියයි වැස්සියො දෙන්නෙක් මට ඕනෙ නෑ කියලා.

මේක දැක්ක ගමං ම හැරෙන තැපෑලෙං මට ලියුං කරදහියක් එවන්ඩ. මං ඒක දකිනකං කොයිතරං පපුවේ ගින්දරකින්ද ඉන්නේ. රෑ වෙලා විස්ස විජ්ජාලේ උනත් ඇවිදින්ඩ යන්ඩ නාකයි.විසකූරු සත්තු නැතත් මොක්කු මොක්කු ඉන්නවද කවුද දන්නේ.

ඔයා‍ට වැස්ස වලාහක දෙයියංගෙ ම පිහිටයි.

මෙයට,

ආදරණීය මලී..

ප:ලි – ඔයාට විස්ස විජ්ජාලෙට කඋරුත් ලියුං එවන්නේ නෑ කියලා දුකෙං හිටිය නේ ද ? දැං මං ලියුං ලිය ලියා තැපැල් ‍කොරඤ්ඤං.

නම තියෙන තැන ‍ටිපෙක්ස් කරලා මේක උංගෙ ෆැකල්ටි එකේ මොකද්ද බිත්ති සඟරාවක ද කොහෙද දාලා තිබ්බා කියලා ආරංචි උනා පස්සේ …
අත් අකුරු වෙනස් කරලා ලියපු මේ ලියුම යෝගියා ආපහු ඉල්ලගත්තා. තාම තියෙනවා පරිස්සමිං යෝගියගේ පරණ එකතුවේ…

Advertisements

ප්‍රතිචාර 96

  1. shashika said,

    මාර්තු 14, 2010 at 3:38 පෙ.ව.

    මහ රෑ 11 ට විතර තනියම ඉඳගෙන කියෙව්වා….අතීතෙ මතක් උනා…..ඉස්කෝලෙ යන කාලෙ මතක් උනා….ඒලෙවල් කරපු කාලෙ යාලුවො එක්ක පිස්සු නටපු හැටි මතක වෙලා චූටි දුකකුත් නොදැනුනා නෙමේ….. හිතට වදින, සිංහලෙන්ම කියනවනම් මැක්සා කතාව….. සුබ පැතුම්…..

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 8:00 පෙ.ව.

      ගොඩ‍වැදිල යන්න ආවට බොහොමත්ම ස්තුතී. ඒලෙවල් කාලේ කියන්නේ ජීවිතේ අමතක කරන්න බැරි ම කාලයක් හැමදෙනාටම අඩුවැඩි වශයෙන් නේ ද?.
      ඔබ මෙතන url එකක් ඇතුලත් කර නොමැති නිසා මේ Cyber අවකාශේ ඔබව සොයාගන්න බැරිවුනා මට ආපසු ඇවිත්. තාම blog එකක් ලියන්න පටන් ගත්තේ නැතිද ?
      කෙසේ වෙතත් පසුව වත් හමුවෙන්න බලමු.

  2. Tissa said,

    මාර්තු 14, 2010 at 7:10 පෙ.ව.

    බොලේ this is Maxaa.. & classic entertainment…. උඹ කොහෙන් මෙහෙම ලියන්න ඉගෙන ගත්තද මන්දා…. My best is “අර වෙලේ මාමලයේ ලොකු කොලුවා අඹං ග‍‍ඟේ පාලම හදද්දී ගෙහුං අත්වැඩ දුන්නෙ , උඹේ බකමූනු පැටියට වඩා ඌ කොච්චර පාලං හදල ඇද්ද කියලා උන්දැ කිවුවා….”
    පිස්සු පීකුදු… මේක පත්තරේකට යවන්න වටිනවා බං….

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 8:06 පෙ.ව.

      හී හී.. දැං පත්තරේ දැම්ම වගේ තමයි. මේ සිංහල බ්ලොග් කෙරුවාවට මං ඇබ්බැහි වෙලා තියෙන්නේ ඒකනේ. නැත්තං කවුරුත් දකින්නැතුව කාලයක් තිස්සේ තිබුනු මේ ලිපිය හැමදාම මගේ collection එකේ ‍තියෙන්න තිබ්බා.
      මේක ලියලා අද පාන්දර තුන වෙනකම් ම හැඩ බලබල හිටියා (ඔබ Tissa උනාට තිස්ස දොඩංගොඩ නෙව් කියලා හිතලයි මං මේක ලියන්නේ. නැත්තං මට හැරෙන තැපෑලෙං බැනුං අහන්ඩ වෙනවා අපේ ලොකු අයියගෙං හැමදාම මේ blog කෙළිය නිසා නිදි මරනව කියලා )
      බොහොම ස්තුතී ප්‍රතිචාරයට…

  3. මාර්තු 14, 2010 at 8:13 පෙ.ව.

    අඩේ අප්පා යෝගි, මේක මරු බං….එලකිරිස්….
    සිරාවටම අපිට A/L කාලෙ අමතක කරන්න බෑ තමයි. පොතපත ඇරැණම තව ගොඩක් දේවල් ජීවිතේට ලං කරගත්තු ඒවගේම ගොඩක් දේවල් ජීවිතයෙන් ඈත් වෙච්ච කාලයක්. කොහොම උනත් හරිම සුන්දරයි…ආයෙ ඉතින් ජීවිතේ කවදාවත් එහෛම කාලයක් ජීවිතේට එන්නෙ නෑනෙ…දුකයි මොනවා කරන්නද?……

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 8:21 පෙ.ව.

      ආ … ඔන්න බලන්නකෝ. “පොත්පත් ඇරුනාම තව ගොඩක් දේවල් ” .
      ඔය මං කිව්වෙ .. හැමදෙනාටම අඩු වැඩි වශයෙන් අමතක කරන්න බැරි කාලයක් ඒලෙවල් කාලෙ කියලා…
      අපි හැමෝටම එහෙම තමයි සහෝ. ඇත්තටම සියුම් දුකකුත් නොදැනෙනවා නෙවී , ඒ අතීතෙට යද්දී.
      ප්‍රතිචාරයට ස්තුතී

  4. Raven said,

    මාර්තු 14, 2010 at 8:25 පෙ.ව.

    අද උදෙන්ම කියවන්න ගත්තෙ මේ ලිපිය. කියලා වැඩක් නෑ. A/L කාලෙ කරපු ලණුදීම් ඇතුලු පිස්සු වැඩ ආයෙත් මතක් උනා. උඹ අපිට දැනෙන්න ලියනවා අයිෙය්. සුබ පැතුම්.

  5. මාර්තු 14, 2010 at 8:30 පෙ.ව.

    හි හි හි … හපොයි හපොයි… අපූරු ලියමනක්නෙ යෝගි අයියෙ…….. උදෙන්ම ලේ ටික පිරිසිදු වුනා මේක කියවල…. නියමයි…..

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 8:42 පෙ.ව.

      ඔය බලන්නකො. යෝගියා උදේම සමාජ ‍සේවෙකුත් කරල නේ. ලේ ටික පිරිසිඳු කරල දුන්න එකම මදි ද? 🙂
      මං උඹල දෙන්නට සුබ පතල post එකක් දාන්නයි හිටියේ නගා 11 වෙනිදා. ඒත් යෝගියා ගොඩක් අසනීප වුනා එදා ( මේ නිදි මැරිල්ල හින්දා ) . Half day දාලා තමා වැඩටත් ගියේ. ඉතිං වැඩේ කෙරුන් නෑ. සමා වෙන්න ඒකට.
      හැබැයි wedding එක දවසට නං අනිවා .. දාන්නං බැරි වුන post එක.
      – ස්තුතී නඟා

  6. සාවිත්‍රි said,

    මාර්තු 14, 2010 at 8:56 පෙ.ව.

    යෝගියත් කරන වැඩ! සුන්දර ලිපියක්!!! තව තවත් ඉක්මනට ලියන්න 🙂

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 9:13 පෙ.ව.

      හි හී.. පේනවනේ .
      අද වගේම එදාත් ඉතිං කාට හරි මඩක් ගහන්ඩ හරි වලක් කපන්ඩ හරි ඕනෑ උනාම , යෝගියා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා. ආයෙ මොනවද , return එකත් ඉතිං වැල් පොලිය වගේ හම්බ නං වෙනවා..
      ස්තුතී මයේ නංගීයේ ගොඩවැදිල යන්න ආවට..

  7. මාර්තු 14, 2010 at 8:56 පෙ.ව.

    උඹේ කෙරුවාව අතටම අහුවුනා… එ තිස්සත් මේ තිස්ස දොඩංගොඩත් එක්කෙනාමය…. ඔලුවේ කැක්කුම සමනය උනාද මල්ලියේ…?

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 9:10 පෙ.ව.

      අයියෝ… මට ලියපු එක “අං ඩූ” කරන්ඩ බැයිද ? මේක ලියපු හන්දා ඊයේ විතරයි නිදිමැරුවේ බං.
      දැන් නං ඔළුවෙ කැක්කුම හොඳා. හොඳටම ..

      මේ ඒක නෙමේ.. මේ ක කරන්ඩ බෑනේ බං.
      ” ඒ තිස්ස ත් මේ තිස්ස ත් හැ‍ර තවත් තිස්ස ලා සිටී ද? ”

      එහෙනං උඹේ comment දෙකක්ම දාගන්ඩ තරං මං වාසනාවන්ත උනා අද.. ‍‍
      දැං මම යි බනින්නේ. උඹ රට වටේ comment දදා ඉන්නේ පාඩං කරන්නේ නැද්ද ? ( එහෙම කිව්වට ඉතිං , උඹේ comment එක නැතුව මොකද්ද වගේ තමා 🙂 )
      ස්තුතී මචෝ…

  8. chejana said,

    මාර්තු 14, 2010 at 9:31 පෙ.ව.

    යෝගි, ඔයා ලියන විදියට නම් ඒවා උඩ පැන පැන හිනාවෙන්න පුළුවන් ..

  9. chejana said,

    මාර්තු 14, 2010 at 9:32 පෙ.ව.

    ‘යෝගි, ඔයා ලියන විදියට නම් ඒවා කියවලා උඩ පැන පැන හිනාවෙන්න පුළුවන් ..’
    ඉස්සෙල්ල කියවල කියන වචනෙ හැලිල, කමෙන්ට් එක මකන්න මම දන්නෙ නෑ, ඒ නිසා ආයෙම ඩැම්ම.

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 9:36 පෙ.ව.

      ස්තුතී චේජනා..
      ලේ පොඩ්ඩක් පිරිසිදු කරගත්තාම අර කිව්වත් වගේ කොච්චර දෙයක් ද නේ ද ?
      ඔයාගේ වැරදුන comment එකත් මං එහෙම්ම ම තිබ්බා. Edit කරන එක හරි නෑනේ..
      ගොඩක් ස්තුතී ඔබේ (දෙ)ප්‍රතිචාරයට ම…

  10. මාර්තු 14, 2010 at 9:54 පෙ.ව.

    අපිත් ඔයවගේ ලියුමක් ලිව්ව. මම අපේ මල්ලි සහ මල්ලිගේ යාලුවෙක්. ලියුම ලිව්වෙ මල්ලිගේ යාලුව වෙනුවෙන් කෙල්ලෙක්ට. තාම අපි තුන්දෙනා ඇර වෙන කව්රුත් දන්නෙ නෑ ඒ ගැන. මටත් ඒ ලියුම මේ වගේ දාන්න බැරි දැන් මල්ලිගේ යාලුවයි, ඒ කෙල්ලයි කපල් එකක් නිසා. පවුල් කඩන්න හොඳ නෑනෙ නේද ?

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 10:22 පෙ.ව.

      හී හී. බලං ගියාම මේ ඉන්නේ ඔක්කොම එකම ජාතියෙ තමා නේද මචෝ.
      අප‍රාදේ , උඹේ අත්දැකීමුත් අපිට බෙදාහදාගන්න පුළුවන් කම තිබ්බනං තවත් වටිනවා. ඒත් ඉතිං අර කිව්වත් වගේ පවුල් කඩන්ටත් බෑ නේ..
      ස්තුතී සහෝ…

  11. මාර්තු 14, 2010 at 10:46 පෙ.ව.

    හෆොයි මටත් එක දවසක් ඔය ජාතියෙම වඩැක් වුනා. මගේ හොඳම යාලුවගේ ගෙඩ්ගරට මහ රෑ කෝල් කරන්න වුනා උවමනාවකට. දහ පාරක් විතර රිංග්ස් ගිහින් ගත්තා ෆෝන් එක (මගේ කරුමෙට මගේ යාලුවගෙයි තාත්තගෙයි කටහඬවල් එක වගේ) ඒ දවස් වල මගේ යාලුවා බැඳපු අළුත.

    “තෝ මොකෝ යකෝ මෙච්චර වෙලා කලේ . . . ?
    දහපාරක් විතර රිංග්ස් යනකම්. තෝ කොහෙද හිටියේ . . ගෑනිගෙ XXXX උඩද . . ?”

    කියලා ගොනා සේ බනගෙන බැනගෙන ගියා . . . බැනිල්ල ඉවර වෙන කම් ඉවසීමෙන් අහගෙන හිටපු අන්කල්

    “පොඩ්ඩක් ඉන්න පුතා දුකා පුතා මම අපේ පුතාට ඇහැරවනන්ම් ”

    කියලා ෆෝන් එක තියලා ගියා . . .

    මගේ අම්මේ මම ඊලඟ නිවාඩුවේදී උගේ අම්මගෙයි තාත්තගෙයි මූනු බැලුවේ හොර පූසෙක් කරෝල හොරෙන් කාලා මාට්ටු වුනාම වගේ . .

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 10:57 පෙ.ව.

      හී හී… හොඳ වැඩේ උඹටත් .. මට මැවිල පේනවා උඹව. අපේ කතානායකයා තාත්තා ඉස්සරහ හිටං හිටපු විදියට ම … ඉදිල ඉදිලා ‍ගහෙං ලබුගෙඩියක් වැටිචිචාම වෙච්චි දේ වෙලා මූනට .. 😀
      කියලා වැඩක් නෑ..
      ස්තුතී දුකා ඇවිත් යන්න ආවට…

  12. Janaka said,

    මාර්තු 14, 2010 at 11:08 පෙ.ව.

    Ela ela…………..maxa…………..

  13. $han said,

    මාර්තු 14, 2010 at 11:29 පෙ.ව.

    අනේ මට ආයි ඉස්කෝලේ යන්න ඕනේ….. :(( :((

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 11:37 පෙ.ව.

      ඒක නං ඇත්ත ෂාන් . මොනා කරන්නද ? ඒ කාලේ අපිට කිසි ම අගයක් නෑ. දැං ඒකටත් එක්ක මතක් වෙද්දි ‍ඇ‍‍ඩෙන්න එනවා.
      ස්තුතී මේ පැත්තේ ඇවිත් යන්න ආවට..

  14. මාර්තු 14, 2010 at 11:29 පෙ.ව.

    හික් හික් එළ එළ මරු කතාව. සුභ පැතුම් දිගමට ලියන්න.

    අපේ එකෙක්ට වෙච්ච සිද්ධියකුත් මතක් උනා මේක කියවනකොට. මේ කේස් එකේදී තාත්තා නෙමෙයි. මෙහෙමයි අපේ කැම්පස් එකේ යාළුවෙන් lecturer කෙනෙක් එක්ක කතා කර කර හිටියා. මේ lecturer අපිත් එක්ක ෆිට් උඹ බං බොලන් කියල අපිට කතා කරන්නේ ඉතින් මූ සර් එක්ක කතා කර කර ඉද්දි උගේ යාළුවෙක් ඌට කෝල් එකක් දීලා. දැන් අර සර් එක්ක කතා කර කර ඉන්න යාළුවගේ ෆෝන් එක රින්ග් වෙනවනේ. සර් කිව්වල කෝ කෝ මට දීපන් බලන්න කියල සර් උස්සලා ෆෝන් එක. අරූ කෝල් කරපු එකාට කොහාටද එනවා කියල ගිහින් නෑ. ඉතින් ඌ කෝල් එක්ක උස්සපු ගමන් සුද්ධ සිංහල ශබ්ද කෝෂයම කියාගෙන ගියාලු අඩු පාඩුවක් නැතුව. සරුත් ගානක් නැතුම අහන් ඉඳලා අන්තිමට කිව්වලු යකෝ මම මේ අහවල් සර් කතා කරන්නේ යාළුව ලඟ ඉන්නව ඉන්න දෙන්නම් කියලා හිනා වෙවී….

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 12:02 ප.ව.

      බලපං කො රවින් ද, අපි හැමෝම එක්තරා වයසක දී එකම සිතුවිලි ගොන්නක් එක්ක ඒකාත්මික වෙනව වගේ. හැම දෙනාටම එක වගේ අත්දැකීම් .. එක තැනකිං හැමදේම එකතුවෙලා එකට ගලාගෙන යනවා නේද ?
      ගොඩක් සංතෝසයි ස‍හෝ මේ පැත්තේ ඇවිල්ල යන්න ආවට..
      මමත් ඉක්මන‍ට එනවා ඔබේ සටහන්පොත පැත්තේ ඇවිල්ල යන්න..

  15. මාර්තු 14, 2010 at 11:33 පෙ.ව.

    😀 😀 හරිම ෂෝයි මෙ කතාව යෝගී……
    මමත් සෑහෙන හොදට හිනාඋනා මේක කියවලා.. දිගටම මේ වාගේ ලියන්නග මෙක කියවද්දි සමනලීටත් සමනලීගේ A/L කාලේ මතක් උනා….

  16. LishWish said,

    මාර්තු 14, 2010 at 11:47 පෙ.ව.

    මේ කතාව මතක් උනාම මට ඔලුවට ආවේ අපේ අයියාගේ ඇම්ඩන් වැඩ වගයක්. අපේ මනුස්සයත් A/L කාලේ ඉඳන් ම අපේ අම්මගෙන් හා තාත්තාගෙන් visa කැන්සල් කරගෙන ඉන්නේ…! අපිත් එහෙමයි හැමදේම කලා ඉගෙන ගන්න එක ඇරෙන්න…! හික් හික් හික්…!

    මරු පෝස්ට් එක සහෝ.., සිරාම සිරා.., මම ඔයා ගැන වැඩිපුර අහගත්තේ දුකාගෙනුයි සචී අක්කගෙනුයි අහලා…!
    තව ලියන්න…! අපි ඉන්නවා කියවන්න…!

    ජයෙන් ජය ම පතනවා…!

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 12:37 ප.ව.

      නියමයි ලිෂා,
      බො‍හොම ස්තුතී යෝගියව බලල යන්න ආවට.. ලොකු ශක්තියක් මචෝ..
      මෙහෙම අත්දැකීම් බෙදාගන්න පිරිසක් ඉන්න එක හරිම සතුටක්.

    • යෝගී said,

      මාර්තු 15, 2010 at 12:39 පෙ.ව.

      ප:ලි :
      මල්ලී මම දැං ටිකකට කලින් නේ දැනගත්තේ ඔයාගේ අයියා ගැන. මගේ පාසලේ මගේ පංතියේ එකට ඉඳගෙන අපි කරපු පිස්සු වැඩ….
      අපි හරිම අහඹු හමුවීම් ගොඩක‍ට මැදිවෙලා බං ඉන්නේ.අයියව මතක් කළා කියපං.
      උඹට අයියගේ ඇම්ඩ වැඩ වගයක් මතක් උනා කිව්ව නේ. මට මතක්වුන ඒවා ලියන්න එක පෝස්ට් එකක් මදි.
      ඌයි මායි තමා පන්තියෙ ලමයින්ගේ නොපැමිනීම් වලට හේතු ලියන දෙමාපිය ලිපි ලියන්නේ ඒ දවස් වල . President ගේ ඉඳං අපේ ඉස්කෝලේ පියන් ට යනකං ඕනෑම කෙනෙකුගේ අස්සං ගහනවා .
      මට දවසක් තාප්පෙං යන්ඩ බැරුව , ඇස් ‍වලට බේත් ගන්න යන්න ඕකා අස්සං කරල ( අංශ භාර විදියට ) ගේට්ටුවෙං නීත්‍යානුකූලව එළියට යන්ඩ ලියාදීපු සටහන තාම තියෙනවා ම‍ගේ Report එකේ.ඌට කියපං. මතක් වෙයි.

  17. මාර්තු 14, 2010 at 2:27 ප.ව.

    හී හී ..
    මමත් ඉතින් සමහර දවස්වලට උබ කියල හිතාගෙන ශුද්ද සිංහලෙන් ජාතිය අමතද්දි චැට් ඉන්නෙ වෙන කෙනෙක්නෙ 🙂 (අක්ක හොද හිංදම අවුලක් නෑ ඉතින් ;P)
    එතකොට ආනන්දෙ තාප්ප ඉස්සුව හේතුම මේක තමා නේද. 😀
    උබේ ඉතින් ඔය වගේ කතා ව්ලින් අඩුවක් නෑනේ. අනිත් එව්ව ටිකත් පොඩ්ඩ පොඩ්ඩ ලියපන්

    BTW
    ඔය Mate එක නේද පසුකාලෙයේදී අපේ ලහිරුව එක්ක Maruti එකක් එක්ක මාරු කලේ 😉

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 8:22 ප.ව.

      ඔන්න ආවා මිනිහා.. අපේ උන්දැට ඉතිං කඩ්ඩෙං සරුප් වදන් කිව්වාම කොම්පයිල් වෙන්ඩ වෙලා යනවනේ.. මං උපදෙස් දීලා තියෙන්නේ ඒ යන වෙලාවෙදි ඒක තේරුං ගන්නෙ නැතුව වහාම එතනින් ඉවත් වන්ඩ කියලා. නැත්තං මරණයක් නේ වෙන්නේ ( මගේ )
      උඹ ලොක්කා දන්නවනේ හිස්ටෝරි එක .. කවුරු හරි කාට හරි වලක් කපනවනං කාගේත් හිත සුව පිනිස යෝගියා එතන ඇති නිවාඩු දාගෙන හරි.චුටිට චුට්ට ලියමු. ඔක්කොම එව්වා මේකේ ලියන්ඩ බෑ නෙව.
      ලයියා අද මට හම්බුනා.මරුටියට මාරු කරන්ඩ කලිං අපේ සිතුම් මලයා අර වැටක් දිගේ මොටර් බයිසිකලයක් ධාවනය කරවලා ලෝක වාර්තාවක් තිබ්බෙත් ඕකෙං තමා..
      ඔබේ පැමිණීම එකෙංම සතුටක්..

  18. palaamalla said,

    මාර්තු 14, 2010 at 4:45 ප.ව.

    හිනාව නවත්ත ගන්න බැරි උනා බන් මෙක බලලා… මාර සිද්දිය තමා… හික් හික්.
    ස්කොලෙ කාලෙ වෙන… කරන වැඩ නම් කියල වැඩක් නැහ. ඊට පස්සෙ කට්ටිය හම්බු උනාම මොන තරම් දෙවල් තිබ්බත් හින වෙන්න පුලුවන් දෙවල් වෙන්නෙ ස්කොලෙ කාලෙ තමා.

    උබ ලස්සනට ලියල මචන්.

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 10:04 ප.ව.

      ස්තුතී සහෝ ඇවිත් යන්න ආවට.ඒ කාලේ හරිම සුන්දරයි .යාළුවො කට්ටියක් එකතු වුනාම මේවා කතා කරන්න ගත්තාම රෑ එළිවෙනවා තේරෙන්නේ නෑ..
      සතුටුයි ආවට. මං ඇවිත් යන්න එන්නම් ඔබේ සටහන පැත්තේ ඉක්මනටම

  19. මාර්තු 14, 2010 at 5:06 ප.ව.

    මට බ්ලොග් පෝස්ට් එකක් ලියන්න වෙලාව නොතිබුනත් උඹ අලුතෙන් යමක් ලියලඩ කියල බලන එක නම් අනිවා කරන දෙයක්. එතරම්ම හර්ද්‍යාංගමයි උඹ ලියන ඒවා. සුභ පැතුම්

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 10:09 ප.ව.

      ඔබේ වචනය ලොකු හයියක්.. ගොඩක් ලියන්න ඉන්ධන සපයනවා වගේ.
      ඔබේ බ්ලොග් එකෙත් ලියන්න.වෙලා නෑ කියල බලන්නෙ නැතුව.
      බොහොම තුති සහෝ ඇවිත් යන්න ආවට.

  20. anthr6x said,

    මාර්තු 14, 2010 at 5:52 ප.ව.

    අඩේ දැංනෙ දැක්කෙ. ඊයෙ “වැදගත් රාජකාරියකට” ගිහිං උන්නනෙ. :P. ලියුම පට්ට ඕයි. මට ඔහොම එකක් ආවනං පයිනව වහලයක් උඩකින් ඔලුව පල්ලෙහාට තියාගෙන. ඒක නෙමේ අර නාකි වැස්සි දැං කෝ??

    • යෝගී said,

      මාර්තු 14, 2010 at 9:56 ප.ව.

      මං මේ ලිපිය තකහනියක් ම ලිව්වේ උඹ හින්දා…
      ඇත්තටම ඇන්තෝ මේකයි කතාව.
      පෙරේදා මගේ මොබයිල් එකට කඩ්ඩෙං කෝල් එකක් එනවා හරි sweet ගෑනු කටහඩකිං. මාත් ඉතිං ඇරියෙ නෑ..
      මොකද්ද කෙරෙන්න ඕනෙ කියලා දන්න කඩුකස්තාන ඔක්කොම දාලා ඇහුවා. ඒ ගමන කියාපි මං මේ වික්ටෝරියා කියල කෙනෙක් කතා කරන්නේ කියලා. මේ මොන ඉලව්වක්ද ? මං ඇහුවා වික්ටෝරියා ජලාසෙ ද වේල්ල ද කියලා .. ඒ ගමන කියනවා නෑ මී හර‍කෝ (බුල් කියලා ඉංගිරිසියෙං කිව්වේ) මං මහරැජින කියලා.
      හුට්ට පටාර්. ඩයනක්කගෙ නැංදම්මා.
      මම සාරානාස් නාත්රා නාස් කියලා ලන්තරාස් වෙලා අටපට්ටං වෙලා විරවිලා ඇද වෙලා වකුටු වෙලා ගුලි වෙලා ගියා.. මේ මොකද බොල මේ ගෑනි . මේ නහින දෙහින කාලේ මාව හොයන්නේ ..
      ඉතිං මාත් ආයේ අපේ ෂීයගේ තාත්තගේ සහ මීමුත්තා හදපු මීමින්න ගේ තිබුන ගට්ස් ඔක්කොම දාලා ඇහුවා මොකද්ද කාරනාව කියලා මාව හොයන.මුංදැ කියපි උඹ හින්දා මාර විනම්බෑසියක් නෙව වෙලා තියෙන්නේ. මෙන්න මෙහේ කටයුතු ඔක්කොම අඩපන වෙලා.අර ආර්තික බහුබූතේ මදිවට තවත් කෙලියක්. මෙහේ කොම්පීතර පද්ධති ඔක්කොටම කෙල වෙලා ලු. ඒවයේ ආරස්සන පද්ධති බිඳ වැටිල ලු. දැං විසිටිං කාඩ් එකක් දාලත් බැංකු වලිං පොරවල් සල්ලි අරං යනවලු. අවනඩු කෝටියයි. හෑ බොල. මං ද මේව හැදුවේ මේවට වගකියන්ඩ. මටත් මල ටිකක් පැන්නා. ඒගමන ඇන්ටි කියනවා ( ටිකක් වෙලා යනකොට මං නෑදෑකමට නැංදා කිව්වා ) නෑ පුතා. අර ඇන්තරැස් ( Anthra6x ) කියලා උඹේ යාළුවෙක් ඉන්නව නේද ? මූ උඹේ ගියපාර පෝස්ට් එක කියවලා කියල තිබ්බ නෙවද මූව හතරැස් උනා කියලා. ඌ නෙව අපේ ජාතික පරිගනක පද්දතියෙ පියා. ඉතිං ඌ තාම හතරැස් හිංදා ත් , පරිගනක පද්දතියට නීත්යානුකූලව (එක ක් කියලා) මවක් නැති නිසාත් අපට කෙලවෙන්නේ කියලා.
      දැන්නේ පත්තු උනේ මගේ ටියුබ් ලයිටි එකත්. ඇන්ටි බයවෙන්ට එපා , මැරෙනා සැටි මම පෙන්වමි කියලා මූව ආපහු රවුං කොරන්ඩ පුළුවං post එකක් හොයනකොට තමා මේ පරන ලියුම හම්බුනේ.
      ඉතිං දැම්මා. ඇන්තා රවුං උනා.
      ඕකයි කතාව.
      තැංකූ ඇවිත් ගියාට. ආයි හතරැස් නොවී හිටපං දෙයියංගෙ නාමෙං..

      • anthr6x said,

        මාර්තු 14, 2010 at 10:15 ප.ව.

        අනේ මංද සරත් මොනා කියන්නද කියල. උබ ‘හරි හතරැස්’ වෙන කතාවක් කියල කියනව ‘ආයි හතරැස් නොවී හිටපං දෙයියංගෙ නාමෙං’ ලු. හරියට ගල් බෝතලයක් බලෙං පොවල ‘කෙලිං හිටු’ කියන්න වගේ කතාවක්නෙ උබත් කියන්නෙ. පරන කතාවම තමා කියන්න තියෙන්නෙ. උබ ඉන්නෙ වැරදි ෆීල්ඩ් එකේ.. 😉

        • anthr6x said,

          මාර්තු 14, 2010 at 11:31 ප.ව.

          මේ අහිංසකයගෙ පෝස්ට් එක වල් කරන්න හොදනැති හිංද මම කට පියං ඉන්නව. වරෙං Buzz එකට ඇදගෙන නාන්න ඕනම නං.

      • මාර්තු 14, 2010 at 10:23 ප.ව.

        “දැං විසිටිං කාඩ් එකක් දාලත් බැංකු වලිං පොරවල් සල්ලි අරං යනවලු”

        යකෝ මේක පෝස්ට් එකට වැඩිය හොදයිනේ.

        ඇන්තො
        උබ System එකට Foss නේද use කලේ?
        ඒකනෙ බං කියන්නෙ Foss Robust නෑ කියල 😀
        පුලුවන්නම් ලංකාවෙත් ඔය වගේ එකක් හදපන්, අපිට Train Ticket දාල සල්ලි ගන්න වගේ 😀

        • යෝගී said,

          මාර්තු 14, 2010 at 10:32 ප.ව.

          ඔන්න පටං ගත්තෝ.. දැං ඉතිං මෝටාර් , මල්ටි බැරල් ප්‍රහාර FOSS to MS . මගේ බොලොගයටත් කෙළවෙයි ද දන්නෑ..

  21. nimanthi said,

    මාර්තු 14, 2010 at 8:02 ප.ව.

    අයියෝ මට නම් මේ පෙරේදත් මෙහෙම වැඩක් උනානේ.පටන් ගත්තෙම කඩුවෙන්..
    මට xxx කතා කරන්න පුලුවන්ද..?
    මාත් ඉතින් මොකටද? කට වහගෙන ඉන්නේ කියලා උත්තර දුන්නා.
    එයා නම් මේ වෙලාවෙ ගෙද ර නැහැ.
    එහෙනම් මට number එක දෙන්න පුලුවන්දලු
    ඔන්න ඒකත් දුන්නා..
    ඒ පාර අහනවා මගේ නම කියලා අදුරන්න පුලුවන්ද..? ලු…
    (අදුරගත්තනම් ඉතින් මේ තරම් බයෙන් කථා කරන්න ඕනේ යැයි..පිස්සුද කොහෙද..?)
    මම කිව්වා අනේ බැහැ කියලා.එහෙම කියනවත් එක්කම මට මතක් උනා මෙහෙම අහන්න පුලුවන් එකම කෙනයි නේද..මේ වගේ අය ඉන්නේ, කඩුවෙන් කතා කරන කියලා ..
    මෝඩ කමනේ නමත් කියලම ඇහුවා mr xxxx ද ? කියලා.
    නෑ එයාගේ දෙවනියලු. බුදු අම්මේ..පලවෙනියා අදුරනවා උනත් දෙවනියා නම් කොහොමත් අදුරන්නම බැහැ මම.දැන්නම් කලන්තේ හැදෙන ගානයි මට.
    පිස්සුද? අහන්නත් බැහැ කවුද දන්නේ හරියටම කවුද කියලා.
    විනාඩියකට විතර පස්සේ කියනවා මම මේ xxxxx
    පිස්සුද හලෝඇත්තටම මිනිස්සුන්ගේ ලේ පුච්චන්නේ…
    ඔන්න ඒපාර තමා මගේ කටටත් පන ආවේ.
    මේ යාලුවටම දවසක් මම ගෙදරට බඩු ටික ගේන්නත් කිව්වා හවස ගෙදර එද්දින්….ගෙදර කෙනෙක් කියලා හිතාගෙන.
    phone විසිකරන්න හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි.

    • යෝගී said,

      මාර්තු 15, 2010 at 12:02 පෙ.ව.

      හී හී…
      ඒකත් හරියට අපේ මේ මිත්‍රයාට වුනා වගේ ම වැඩක් තමා. මොනා කරන්නද අක්කේ. මිනිස්සුන්ගේ මූනු මතක තියාගත්තට voice මතක තියාගන අඳුරගන්න බැරිවෙනවනේ එකපාරටම.
      අර එදා ගෙදර බඩුටිකත් අරගෙන තකහනියක්ම ගෙදර ආවද ඉතිං මිනිහා ?
      ස්තුතී ඇවිත් යන්න ආවට මේ පැත්තේ !..

      • nimanthi said,

        මාර්තු 15, 2010 at 3:51 ප.ව.

        එහෙම වෙන්නෙ හරිම කලාතුරකින් මට, ඒත් ඉතින් මේ යාලුව නම් කවදාවත් අදුරගන්නම බැහැනේ වැඩේ කියන්නේ.
        ගෙදර කොහෙ එන්නද..??? හවස..? එයා හිටියෙ ලෝකේ එක කෙලවරක මම අනිත් කෙලවරේ.
        හැබැයි ඉතින් ගෙදර කෙනාට ආපහු call එකක් දීල කියලා තිබුනා, අන්න අද පුතාට බොන්න කිරි නෑලු අරන් යන්න නැත්තන් පොඩි එකා බඩ ගින්නේ කියලා.
        නැත්තන් ඇත්තටම මම එදා කතා කරන්නේ නැහැ.පුතාට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ.මම හිතුවෙම ගෙදර කෙනා විහිලු කරා කියලනේ.හා හා හා

        • යෝගී said,

          මාර්තු 15, 2010 at 4:12 ප.ව.

          හී හී…
          ඒක නෙමේ අක්කේ . ඔයා emails check කරන් නැද්ද ?
          නැත්තං මේල් එකක් දාලා බ්ලොග් පෝස්ට් එකක් දාන්න ඕනිද , අන්න මං මේල් එකක් දැම්මා කියලා ? 🙂

        • nimanthi said,

          මාර්තු 15, 2010 at 10:04 ප.ව.

          ඔහ් 🙂 නැහැ නැහැ එහෙම කරන්න ඕනේ නැහැ මල්ලී.. ස්තූතියි බොහෝම ඔයාට.මේක දැක්ක ගමන් තමා බැලුවේ.sorry…!!!

  22. දසයා said,

    මාර්තු 15, 2010 at 3:21 පෙ.ව.

    පිස්සු හැදෙන කතාව. අපිත් සාමූහික රචනාවක් ලිව්ව දහම් පාසලේදි. ලියන්න දුන්නේ අපේ ජාතික වීරයෙක් ගැන. අපි ලිව්වෙ ඒ නම තියන පොල් හොරෙක් ගැන. පන්තියෙ හැමෝම වාක්‍යය වාක්‍යය ලිව්ව. අන්තිමේදි ඉතින් ලොකු හාමුදුරුවන්ට වැඳල සමාව අරන් තමා වැඩේ ගොඩදාගත්තෙ.

  23. Kirimama said,

    මාර්තු 15, 2010 at 9:53 පෙ.ව.

    මමත් ඔය තාප්පෙන් පැනලා.. අම්මේ නොගිය තැනක් නෑ. දැන් නිකං බලකොටුවක් වගේ තිබුණට ඉස්සර කොට තාප්පේ. තාප්පේ එහා පැත්තේ තිබුණා කතුරුමුරුංගා ගහක් ඒක තමා රිලවුන්ගේ ඉණිමඟ. ඔයා මාර ජොලි පොරක් නේ

    • යෝගී said,

      මාර්තු 15, 2010 at 10:33 පෙ.ව.

      කිරිමාමේ , උඹත් ‍ගියේ මං ගිය ඉස්කෝලෙටම ද ?.. මං උඹව දන්නව ත් ඇති.මම කෝකටත් කියලා ඉස්කෝලේ නම ගම දාන්නැතුව මේක ලිව්වේ. කොහෙද , එකෙක් ඇවිල්ලා දැම්මනේ විස්තරේ පත්‍තරේට 🙂
      අපි හම්බෙමු ආයේ මේ විදියට ම.
      බොහොම ස්තුතී මේ පැත්තේ ඇවිල්ල යන්න ආවට.

      • buratheno said,

        අප්‍රේල් 2, 2010 at 7:36 පෙ.ව.

        මං හිතන විදිහට ඔය තාප්පෙං ඇතුළට ගිහිං පංතියෙ දවසම හිටපු එවුංට වඩා register එක mark කරාට පස්සෙ තාප්පෙං පැන්න එවුං තමා තාමත් කෙලිං කටිං ඉන්නෙ දාහක් ප්‍රශ්න ආවත්. අනේ අම්මපා ආයෙමත් A/L කාලෙට යන්න ඇත්නං. ඉගෙනගන්න එක විතරනෙ කලේ නැත්තෙ.. 🙂

        – ඒ තාප්පෙං පැන්න තවත් එකෙක් –

        • යෝගී said,

          අප්‍රේල් 2, 2010 at 8:55 පෙ.ව.

          ඒකනං සහතික ඇත්ත මචං… උඹත් ඒ තාප්පෙං ම පැන්න එකෙක් කියලා අහපුවාම අප්‍රමාණ සතුටක් නේ දැනුනේ ( තාප්පෙං පැනපු ‍නිසා නෙවේ… සහොදරකමක සුවඳක් ඉව වැටුනු නිසා )..
          කෝක වෙතත් මෙව්වා ලියලා අපිට කිරිමිනේල් චෝදනා කොරයිද මංදා .. පොඩි උංව වැරදි පාරේ යවන්ඩ හදනවා කියලා.
          ස්තුතී සහෝ ගොඩවෙලා යන්න ආවට.

  24. hansini said,

    මාර්තු 15, 2010 at 11:51 පෙ.ව.

    අද මම මාර දුකෙන් හිටියෙ මේක බැලුව විතරයි හිනාව නවත්තගන්න බැරි උනා පිස්සු හැදෙනවා අනේ ගොඩක් පින් යෝගි මාව හිනැස්සුවට

    • යෝගී said,

      මාර්තු 15, 2010 at 3:03 ප.ව.

      අන්න එහෙම තමා ඉන්න ඕනෑ හංසි. ‍බලන්න කොචිචර හොඳද කියලා.
      අනිත් අතට ඔයාගේ comment එක දැකලා මං කොචිචර සතුටු වුනාද ? පොඩ්ඩක් හරි දුකින් හිටපු කෙනෙක් ව හිනස්සවන්න පුළුවන් වුන එක…
      හිතට ඇත්තටම හරිම සතුටක් දැනෙන්නේ.
      මට ඔබව ත් සොයාගන්න විදියක් නෑ, ඔබේ blog අඩවියක link එකක් නැති නිසා.
      කොහොම වුනත් බොහොම ස්තුතී ප්‍රතිචාරයක් දාලා යන්න නැවතුනාට ..

      • hansini said,

        මාර්තු 18, 2010 at 3:51 ප.ව.

        මම තාම ලියන්න පටන් ගත්තෙ නැහැ යෝගී මට ලියන්න තේරෙන්නෙ නැහැ තාම කියවනවා තේරුනාම ලියන්නම් exam ඉවරවෙලා (www.atharaman.blogspot.com)

  25. මාර්තු 15, 2010 at 2:03 ප.ව.

    හරිම රසවත්………යෝගී………බැලුවම ඔයා ලස්සනට ලියනවනේ………හිනාවෙලාම මහනිසියි……..

    • යෝගී said,

      මාර්තු 15, 2010 at 3:47 ප.ව.

      ස්තුතී . ශක්තියක් වුනා ඔබේ අදහසත් මට.
      ඒක නෙමේ .. දොසක් කියන්නයි මම‍ මේ හදන්නේ..දවස් 17 කින් සිත්මල් යාය ට ලිපියක් ලියල නෑ. මේ දවස්වල වැඩ වැඩි ද?
      කොහොම වුනත් දිගටම ලියන්න අතපසු නොකර…

  26. රොයිලි ප්‍රනාන්දු said,

    මාර්තු 16, 2010 at 3:16 පෙ.ව.

    හප්පා අද කමෙන්ට් එකක් දාන්න ආපු දුර. එල එල සහෝ අදනම් හිත පිරෙන්නම හම්බවෙලා තියෙනවා. ජය වේවා කිව්වා.

    ඔය වගේ කතා තව ඇති මයෙ හිතේ. අර ගිටාර් කතාවම ඇති උඹ ගැන හිතාගන්න. 😛

    එහෙනම් ඉක්මනින්ම තව ලිපියක් ලියහන් හොඳේ 🙂

    • යෝගී said,

      මාර්තු 16, 2010 at 6:57 පෙ.ව.

      ස්තුතී සහෝ.. මේ වගේ කතා විතරයි ද කොහෙද මගේ ඒ ලෙවල් ජීවිතේ පිරිලා තියෙන්නේ . ඒලෙවල් විතරක් නෙවෙයි.. දැනුත් එහෙම තමා ඉතිං.
      ඔය සරා මල්ලිට ඉඳලා හිටලා බාල්දියක් පෙරලුවට අපි නෑනේ කාටවත් මඩක් ‍එහෙම ගහන්නේ(ඊයේ ඇන්තට පොඩි වියාපාරයක් හඳුන්වල දුන්න.හී හී… අහල බලපංකො. උඹටත් ලාබෙට වැඩේ කරල දෙන්නං 😛 ).
      හැමදාම කියනව ව‍ගේ උඹලගේ ශක්තියෙන් තමයි මම මෙ ලියන්නේ. ඒ ආරම්භයෙන් තමයි අද මේ හිත පිරෙනකම් comments හම්බවෙලාතියෙන්නේ.උඹට ගොඩක් ස්තුතී බලල යන්න ආවට.

      • රොයිලි ප්‍රනාන්දු said,

        මාර්තු 16, 2010 at 10:27 ප.ව.

        තාප්පෙ ගැන කිව්වමයි මතක් වුණේ. මට මතක විදියට උඹ ඔය තාප්පෙන් පැනලා වෙන වෙන තාප්ප වල එල්ලුනා කියලා කතාවක් ගියා මතකයි මට. 😛

        • යෝගී said,

          මාර්තු 16, 2010 at 10:41 ප.ව.

          ලොයිලි අයිය දවසම නැතුව ඉඳලා එකපාරටම යෝගියට මඩක් ගහල මාරුවෙලා.. අඩු ගානේ මූට මං බඩ පිරෙන්ඩ තැංකූ කියපු එකේ ගුනේ වත් තිබ්බෙනැති හැටි. ‍මක් කොරන්ඩද ?
          පෙර වැරදි වලට දඩුවම් ලැබෙනව‍ කියන්නේ ඕකනේ කවදහරි…

        • මාර්තු 16, 2010 at 11:09 ප.ව.

          ඒ අල්ලපු වැටේ කිකිලි කොටුවෙ….නෑ වැරදුනා 😛 අල්ලපු වැටේ ගෑනු ඉත්කෝලෙ තාප්පෙනෙ 😀
          තව මොකුත් පැහැදිලි කරගන්ට් තියෙනවන්ම්.. ඩෝන්ට් හෙසිටේට්. මගෙන් අහනු මම දෙන්නම විත්තරේ..

  27. මාර්තු 16, 2010 at 4:14 ප.ව.

    හරිම හොඳ කථාව. මදි නොහිතෙන්න හිනා වුනා. මේ ඒක නෙමෙයි යෝගියා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේද?

    • යෝගී said,

      මාර්තු 16, 2010 at 4:19 ප.ව.

      ස්තුතී රන්දිල් ඇවිත් යන්න ආවට..
      යෝගියා ඉන්නෙ නම් ඒ කිට්ටුව තමා. ඒත් ඉගෙනගත්තේ බණ්ඩාරනායකේ නෙවෙයි.ගම්පහ ඉඳලා පැයක හමාරක දුරින් තියෙන පාසලකට.
      යෝගියා තාප්පෙ උපකාරයෙන් කලින්ම ගෙදර ගියා කියලා මේකේ කියලා තිබුන නිසා පාසල මොකද්ද කියලා මං නොකිය ඉන්නම්.

  28. සචී said,

    මාර්තු 18, 2010 at 12:23 ප.ව.

    හපොයි දෙයියනේ…!!!!! නියම ලියුමක් නේ මල්ලි!!! අපිත් ඉස්කෝලේ යන කාලේ ඔය වගේ වැඩක් කළා….මිනී මැරුමක් නොවී බේරුණේ නූලෙන්!!!!! දැන් ඒ ගැන මතක් වෙනකොටත් හිනා ගියාට ඒ දවස් වල නම් අපි පණ බයේ හිටියේ….

    • යෝගී said,

      මාර්තු 19, 2010 at 9:15 පෙ.ව.

      ඔය තියෙන්නේ අපේ අක්කලගේ වැඩ… අපිටත් හිනාවෙන්නත් එක්ක ලිව්වනං නේ හොඳ..
      ඒ කාලේ ඉඳලා ඉතිං පාසලේදීත් හොඳටම ප්‍රගුණ කරපු කුසලතාවය තමයි කාටහරි ඔයවගේ බාල්දියක් පෙරලීම..
      ගොඩක් ස්තුතියි සචි අක්කේ ඇවිල්ලා යන්න ආවට.

  29. ~yg said,

    මාර්තු 19, 2010 at 10:04 පෙ.ව.

    අදයිනේ මං මේ පැත්තේ පස් පෑගුවේ..උඹල නම් එල පොරවල් තමා..

    අරූ දැන් ඇත්තටම පාලම් ගහනවද?

  30. wath / සොඳුරු සිත said,

    මාර්තු 28, 2010 at 10:07 ප.ව.

    ඈ බොල කොල්ලො ..උඹට ඉංජිනේරුවෙක් වෙන්න බැරිවුනාට ලියන කලාව නම් හරි අගේට පිහිටල තියනව නොවැ…
    අර කීවත් වගේ දැන් කාලේ ස්කෝල වල කොල්ලන්ට කොහෙද මෙහෙමත් විජ්ජුම්බර කරන්න වෙලාවක්…. බැලූවොත් ඇත්නම් ටියුෂන් කැලෑසියෙ නෙව…

  31. LishWish said,

    අප්‍රේල් 2, 2010 at 8:06 ප.ව.

    යෝගී අයියේ මොකෝ බං නිස්සද්ද..? මොනාහරි ලියන්ඩෝ…!!!

    • යෝගී said,

      අප්‍රේල් 2, 2010 at 8:12 ප.ව.

      සති දෙකක් පුරා පරණ එකතු වෙලා තිබුනු වැඩ වගයක් කරනව මලේ… මේ සතියත් ඇරල ම තමා මොනවහරි ලියන්න වෙන්නේ..
      හිටපං හිටපං .. ඉක්මනටම එනවා උඹලගේ ලෝකෙට ආයිත්..
      උඹට ස්තුතී යෝගියව බලලා යන්න ආවට !…

  32. අප්‍රේල් 13, 2010 at 1:48 පෙ.ව.

    පංකාදුයි නොවැ ලියුම් කරදහිය. ගොඩාරියක් රසවින්දැ, පින්.

  33. වැප් said,

    අප්‍රේල් 18, 2010 at 9:22 පෙ.ව.

    අදනේ බොලව් මං මේ අඩවිය පැත්තට අවේ ……..

    මෙකත් පට්ටම කතා තියන අඩවියක් නොවැ ….. දැන් නම් ඉතින් දිගටම එන්ඩ ඔනා….

  34. Raven said,

    අප්‍රේල් 22, 2010 at 7:41 ප.ව.

    අයියේ මම මේ මගේ බ්ලොග් එකෙන් දැකලයි ආවෙ උඹ සති පහකින් මොකුත්ම ලියලා නැති වග. ඉස්සර නම් ඉරිදාවල් වල දැම්මනේ ලිපි.
    මොකුත් ලිව්වොතින් හොදයි අපිට රහ බලන්න.

    • යෝගී said,

      අප්‍රේල් 22, 2010 at 7:51 ප.ව.

      අනේ මලේ මේ වැඩ කන්දරාව හින්දා මොනවත් දේකට හිත නිස්කලංක නැතුවයි හිටියේ..සහෝදරයෙක් වගේ ඇවිල්ලා මෙහෙම හොයල බලනවට උඹට ගොඩක් පිං.
      වැඩටික ගොඩක් දුරට ඉවරයි … ‍
      උඹේ මේ comment එක දැක්කාම හිතුනා මේ සතියෙවත් ලියන්න ඕ‍නේ කියලා..

  35. අප්‍රේල් 22, 2010 at 8:02 ප.ව.

    හ්ම්ම් හ්ම්ම් ඉක්මණට ලිවුවොත් හොඳයි යෝගි අයියේ…… නැත්නම් යන යන තැන මං ලොකු අයියට කියනවා දර ලෝඩ් එකක් දෙන්න කියල පලන්න……. 😉

    • යෝගී said,

      අප්‍රේල් 22, 2010 at 8:42 ප.ව.

      ඕන්න අනිත් උන්දැත් ඇවිල්ලා !…
      බලාපං නගේ උඹට උදව්වක් කොරන්ඩ ගිහිං මං දාගත්තු දර ලෝඩ් ලෙඩේ ..
      ඔය දර ලෝඩ් එක හිංදා මට විසුමක් නෑ..
      ස්තුතී නංගියේ දෙන්නා දෙමාල්ලොත් එක්කම නෑගං ආවට ..

  36. nimanthi said,

    අප්‍රේල් 23, 2010 at 12:56 පෙ.ව.

    විශ්මී & Raven
    මේ යෝගියා ලියන ඒවා කියවන්න කියලා මම ඇවිදගෙන එනදුරත් පාඩුයි….මටනම්.ගිය සැරෙත් මේක ලියන්න ඉන්නේ ලබන අවුරුද්දෙද ආයඇහුවට පස්සේ යාන්තන් ඔන්නpost එකක් ලිව්වා…බලමු මේ පාරත් නේද..???
    මෙයාගේ වැඩත් අර ඉහල යන රුපියලේ අගය වගේ කල් යන්න යන්න වැඩි වෙනවා මටනම් පෙනෙන්නේ. 🙂 🙂

    • යෝගී said,

      අප්‍රේල් 23, 2010 at 8:35 පෙ.ව.

      අන්න ඇවිල්ලා..
      ඔයා විතරයි මෙතන නෝක්කාඩුවට අඩු වෙලා හිටියේ ( තව ගොබිලෙක් ඉන්නවා , ඒකා කරිඤ්ඤං බීලා බුදි ඇති ).

      ලියමු ලියමු අක්කේ. කොහෙද වැඩ ටික ඉවර කරගන්න දෙන්නේ නෑ ‍නෙව , වැඩිපුර රෑට ඇහැරං ඉන්න එපා කියලා මාව Force Shutdown කරනවනේ මේ ගොල්ලෝ 😦

      ස්තුතී අක්කේ ඇවිල්ලා ගියාට..

  37. nethu said,

    අප්‍රේල් 30, 2010 at 9:24 පෙ.ව.

    යෝගී, මලීට දීපාල් අයියා දීපු පිළිතුරු ලිපිය බලලා යන්න ආවේ. කමක් නැහැ වෙලා ඇති විටෙක ලියන්නකො

    • යෝගී said,

      අප්‍රේල් 30, 2010 at 11:27 පෙ.ව.

      හහ් හා… ඒක ලියුමක් නෙමේ … කියුමක්
      ඌව මං තමා අන්දලා තියෙන්නේ කියලා දැනගත්තාම මට කියපු දේවල්…
      වනේ වනහතුරෙකුටවත් එහෙම කියුමක් නං අහන්ඩ ලැබිලා නැතුව ඇති..

      ස්තුතී නෙතු මේ පැත්තේ ආවට..

  38. මැයි 16, 2010 at 6:48 ප.ව.

    මොනවා ලියනවද මන්ද දැන් බඩත් කොරවෙලා

    • යෝගී said,

      මැයි 17, 2010 at 1:09 ප.ව.

      අනේ අම්මපා.. ඕකනෙ කියන්නේ , බඩ ටිකක් කොරඋනාම මොකෝ හැන්දෑවෙ ලේ ටිකක් පිරිසිදු කොරගත්තනං ඒ පිනත් මටම නේ.

      ස්තුතී මිත්‍රයා ඇවිල්ල යන්න ආවට..

  39. Ansh Lucky Sri Jay said,

    ජූනි 8, 2010 at 12:06 පෙ.ව.

    කෝ දැන් අලුතින් මුකුත් ලිව්වෙම නැත්තේ මොකෝ?

  40. nimanthi said,

    ජූනි 19, 2010 at 3:56 පෙ.ව.

    හලෝ සර් අවසන් නිවේදනය නිකුත් කලා ඕන් මම. ආයනම් කියන්නේ නැහැ හරිද??????

  41. Vampire said,

    ජූනි 25, 2010 at 4:41 පෙ.ව.

    එළ.. අදයි මේ පැත්තට ආවේ.. 🙂
    දිගටම එනවා මීට පස්සෙ ඕං

  42. sri said,

    ජූනි 29, 2010 at 2:46 ප.ව.

    කෝ මේ යෝගී…………..‍ලිවිල්ල ඇතෑරලා commentsදාන්න විතරක් බලං ඉන්නවද? ඉක්මනට ලියන්ඩෝ……………………….

  43. Charmi said,

    ජූලි 22, 2010 at 12:24 පෙ.ව.

    අර ලියුමෙ ලැන්ග්වේජ් එක කොර මචං. මට ඉරිසියත් එක්ක. මරේ මරු.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: